2025 ආසියානු කුසලාන විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන පළමු තරගය බංග්ලාදේශ කණ්ඩායම සමඟ මේ වන විට පැවැත්වෙනවා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට බංග්ලාදේශ කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 5 ක් දැවී ලකුණු 139 ක් ලබාගත්තා.
පන්දුවට පහරදීමේදී බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් නායක Litton Das ලකුණු 28 ක් හා නොදැවී පන්දුවට පහරදුන් Jaker Ali ලකුණු 41 ක් හා Shamim Hossain ලකුණු 40 ක් ලබා ගැනීමට සමත් වුණා.
පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වනිඳු හසරංග කඩුලු 2 ක් හා නුවන් තුෂාර හා දුෂ්මන්ත චමීර එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.
ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවී ඇති ඉලක්කය ලකුණු 140 ක්.