30.6 C
Colombo
Friday, June 5, 2026

The Last Ship රූපවාහිනී කතා මාලාවේ ප්‍රධාන චරිතය හෙබ වූ ජනප්‍රිය නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වෙයි

ප්‍රකට රූපවාහිනී කතා මාලාවන් වූ, ‘The Last Ship’, ‘Euphoria’ සහ ‘Grey’s Anatomy’ හි රංගනයෙන් දායක වූ නළු එරික් ඩේන් අභාවප්‍රාප්ත වී තිබෙනවා.

ඔහු මියයන විය 53 හැවිරිදි වියේ පසුවූවා.

තමන්ට ස්නායු රෝගයක් (Motor Neurone Disease) වැළඳී ඇති බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර වසරකටත් අඩු කාලයකදීයි ඔහු මෙසේ අභාවප්‍රාප්ත වී ඇත්තේ.

ඊයේ (19) පස්වරුවේ ඩේන් අභාවප්‍රාප්ත වූ බව ඔහුගේ නියෝජිතයන් නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබෙනවා.

ඩේන් ‘Grey’s Anatomy’ කතා මාලාවේ වෛද්‍ය මාර්ක් ස්ලෝන් (Dr Mark Sloan) හෙවත් “McSteamy” ලෙස රංගනයෙන් දායක වුණා.

මුලින් එක් කොටසකට පමණක් ගිවිසුම් ගත වුවද, පසුව ඔහු වාර හයක් පුරා එහි නිත්‍ය නළුවෙකු බවට පත් වූවා.

ඔහු මෑතකදී HBO නාලිකාවේ ‘Euphoria’ නාට්‍ය මාලාවේ කැල් ජේකොබ්ස් (Cal Jacobs) ලෙස පෙනී සිටියා.

සිය සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් රෝද පුටුවක සිට රූගත කිරීම්වලට සහභාගී වූ ඩේන්, ‘Euphoria’ හි ඉදිරි තුන්වන වාරයේදී ද දැකගත හැකි වනු ඇති.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles