25 C
Colombo
Friday, June 5, 2026

T20 ලෝක කුසලානයේ සුපිරි 8 වටයේ තරග අද සිට

විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ තරග ආරම්භ කරමින් පළමු තරගය පාකිස්තානය හා නවසීලන්තය අතර අද (21) පැවැත්වේ.

රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී ප.ව. 7ට ආරම්භවීමට නියමිතය.

මූලික වටයේ ‘A’ කාණ්ඩයෙන් ක්‍රීඩාකළ පාකිස්තානය ඉන්දියාවට පමණක් පරාජය වී එහි ප්‍රසාද ලකුණු සටහනේ දෙවන ස්ථානයට පත්විය.

එමෙන්ම මූලික වටයේ ‘D’ කාණ්ඩයෙන් ක්‍රීඩාකළ නවසීලන්තයද දකුණු අප්‍රිකාවට පමණක් පරාජය වී එම කාණ්ඩයේ දෙවන ස්ථානයට පත්විය.

පාකිස්තානය හා නවසීලන්තය විස්සයි20 තරග බිමේ මුහුණදුන් තරගවලදී එක හා සමාන දක්ෂතා දක්වා සිටියි.

2007 වසරේ සිට එකිනෙකා සමගින් තරග වැද ඇති ඔවුන් මේ දක්වා කාලය තුළ තරග 49ක් ක්‍රීඩාකර ඇත.

ඉන් තරග 24ක ජය තහවුරු කරගෙන ඇත්තේ පාකිස්තානය වන අතර, නවසීලන්තය තරග 23ක් ජයගෙන ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles