28 C
Colombo
Tuesday, October 7, 2025

බැකෝ සමන්ගේ තවත් ගෝලයෙක් සූරියවැවදී අත්අඩංගුවට

රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු වන බැකෝ සමන් ලබාදුන් තොරතුරු මත ඔහුගේ තවත් සමීපතමයෙකු අද (14) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තංගල්ල අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් විසින් 39 හැවිරිදි සැකකරු සූරියවැවදී මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය සඳහන් කරනවා.

ඔහු සතුව තිබී විදෙස් රටක නිෂ්පාදිත පිත්තෝලයක්, ජීව උණ්ඩ 40ක් හා හෙරොයින් ග්‍රැම් 250ක්ද පොලීසිය විසින් සොයාගෙන තිබෙනවා.

මෙම පුද්ගලයා සූරියවැව පොලීසියට භාරදී ඇති අතර, හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉරිපත්කිරීමට නියමිතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles