28 C
Colombo
Tuesday, October 7, 2025

එජාප සංවත්සර උත්සවයට සියලු දේශපාලන පක්ෂවලට ආරාධනා

එක්සත් ජාතික පක්ෂයේ 79 වන සංවත්සර උත්සවය සඳහා ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ වලට ආරාධනා කළ බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

මෙවර එජාපයේ සංවත්සරය ජාතික ව්‍යාපාරයක් වශයෙන් සැමරීමට පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබෙන්නේ යැයි ද එජාප සභාපතිවරයා කීය.

එක්සත් ජාතික පක්ෂයේ 79 වැනි සංවත්සර සැමරුම බත්තරමුල්ල මොනාක් ඉම්පීරියල් හෝටල් පරිශ්‍රයේදී 

ලබන 20 වැනි සෙනසුරාදා පෙරවරු 9ට පැවැත්වීමට තීරණය කළ බව ද අබේවර්ධන මහතා පැවසීය.වජිර අබේවර්ධන මහතා මේ බව කීවේ ගාල්ල උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ දිස්ත්‍රික් කාර්යාලයේ පැවැති විශේෂ කොට්ඨාශ රැස්වීම් කිහිපයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමිනි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles