30.6 C
Colombo
Friday, June 5, 2026

රෂ්මිකාට විජේට මංගල සීනු

දකුණු ඉන්දීය සිනමාවේ වැඩිපුරම කතාබහට ලක්වන සුසංයෝගය; රෂ්මිකා මන්දානා සහ විජේ දේවරකොණ්ඩාගේ විවාහ මංගල උත්සවය අද (26) පැවැත්විණි. මාධ්‍ය වාර්තා කර ඇත්තේ මෙය වසරේ විවාහ මංගල උත්සවය යනුවෙනි. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පවා රෂ්මිකා මන්දානා සහ විජේ දේවරකොණ්ඩාට සුබ පැතුම් එක් කළ බව ද පැවැසෙයි.

ප්‍රේම සබඳතාවක් පිළිබඳ කෙතරම් කටකතා පැවැතුණත් කිසිම විටක ඒ පිළිබඳ නිල වශයෙන් තහවුරු නොකළ විජේ දේවරකොණ්ඩා සහ රශ්මිකා මන්දනා විවාහයට දින කිහිපයක් ඉතිරිව තිබියදී එය අනාවරණය කරේ ඔවුන්ගේ බැඳීමට අපූරු වටිනාකමක් එක් කරමිනි. ඔවුන් නිල වශයෙන් ප්‍රකාශයට පත් කළ ආකාරයට ‘The wedding of VIROSH’ විවාහ උත්සවය ඉන්දියාවේ රාජස්ථාන ප්‍රනාත්යේ උදයිපූර් නගරයේදී සාම්ප්‍රදායට අනුව පැවැත්විණි.

ඉන්දියාවේ විවාහ නගර‍ය ලෙස හැඳින්වෙන්නේ රාජස්ථාන ප්‍රාන්තයයි. VIROSH යන නම විජේ සහ රෂ්මිකා යන නම් දෙකේ එකතුවයි. මේ නම යෝජනා කර ඇත්තේ විජේ සහ රෂ්මිකාගේ රසික රසිකාවියන්ය. 

මාධ්‍ය වාර්තා කරන ආකාරයට, මංගල උත්සවයට ජංගම දුරකතන තහනම් කෙරුණි. උත්සවයට පැමිණෙන කිසිදු ආරාධිතයකුට ජංගම දුරකථන රැගෙන ඒමට අවසර නොලැබුණු අතර, නිල ඡායාරූප හා වීඩියෝ කණ්ඩායමද රහස්‍යතා ගිවිසුම් අත්සන් කෙරුණු බව ද පැවැසිණි. 

විවාහ මංගල උත්සවයේ අයිතිය ලබා ගැනීමට Netflix සමාගම ඉන්දියානු කෝටි 60ක මුදලක් ලබා දීමට යෝජනා කළ බව ද පැවැසෙයි. කෙසේ නමුත් යුවල එය ප්‍රතික්ෂේප කර ඇත. ඒ තම විවාහය මිල කළ නොහැකි යැයි පවසමිණි. 

මංගල උත්සවයට ඇරැයුම් ලැබ සිටියේ සමීපතම පවුල් සාමාජිකයන් සහ අතිශය සමීප මිතුරන් කිහිප දෙනකුට පමණි. එම මිතුරන් අතර සිනමා ක්ෂේත්‍රයේ ජනප්‍රිය පුද්ගලයන් කීප දෙනෙක් ද සිටියහ.

සම්ප්‍රදායන්ට ගරු කරමින් විවාහයට පෙර සම්ප්‍රදායික උත්සව දෙකක් ද පැවැත්විණි. රෂ්මිකාගේ මවගේ පාර්ශවයේ ඥාතීන් විසින් ඇගේ නිවසේ පැවැත්වූ උත්සවයක් සහ විජේගේ පවුල විසින් සංවිධානය කළ තවත් උත්සවයක් ද ඒ අතර වෙයි. 

විවාහයෙන් අනතුරුව මාසයක කාලයක් වෘත්තීය කටයුතු වලින් විවේක ගනිමින් මධුසමය ගත කිරීමට නව යුවල බලාපොරොත්තු වෙයි. 

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles