30 C
Colombo
Tuesday, October 7, 2025

ශ්‍රී ලංකා කණ්ඩායමට කඩුළු 4ක තියුණු ජයක්

ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව හා හොංකොං කණ්ඩායම අතර පැවති තරගයෙන් කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට හොංකොං කණ්ඩායමට ආරාධනා කළ අතර ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 4 ක් දැවි ලකුණු 149 ක් ලබාගත්තා.‍පන්දුවට පහරදීමේදී හොංකොං කණ්ඩායම වෙනුවෙන් Anshy Rath ලකුණු 48 ක්, Zeeshan Ali ලකුණු 36 ක් හා Nizakat Khan ලකුණු 52 ක් ලබාගත් අතර පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දුෂ්මන්ත චමීර කඩුලු 2 ක් හා වනිඳු හසරංග හා දසුන් ශානක එක් කඩුල්ල බැඟින් බිඳ හෙළීමට සමත් වුණා.

තරගයේ පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 18 ක් තුළ කඩුලු 6 ක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසුකර යාමට සමත් වුණා.

පන්දුවට පහරදීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් පැතුම් නිස්සංක ලකුණු 68 ක්, කුසල් ජනතිත් පෙරේරා ලකුණු 20 ක් හා කමිල් මිෂාර ලකුණු 19 ක් ලබාගත්තා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles