28 C
Colombo
Tuesday, October 7, 2025

මහින්දට හිත ගිය ගෙයක් තවම නෑ – විශේෂ කණ්ඩායමක් මහින්දට ගෙවල් බලන්න යයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට පදිංචි වීමට කොළඹ ස්ථාන හතරක් බලා ඇතත් තවමත් සුදුසු නිවසක් හමුවී නැතැයි වාර්තා වේ.

විශේෂ කණ්ඩායමක් විසින් නිවාස සොයා බැලීම මේ දිනවල කරගෙන යනු ලැබේ.

මේ සම්බන්ධයෙන් අප ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ තානාපතිවරුන් ඇතුළු විශේෂ ප්‍රභූවරුන් හමුවීමට පැමිණෙන හෙයින් සුදුසු පරිසරයක් තෝරා ගැනීමට සිදුව ඇති බවයි.

ප්‍රමාණවත් සහ ගැලපෙන මාර්ග පහසුකම් සහිත ප්‍රදේශයක නිවසක් තෝරා ගැනීම අපේක්ෂාව බවද ඔහු සඳහන් කළේය.

හිටපු ජනාධිපතිවරයාට ගැළපෙන සුදුසු නිවසක් නුදුරේදීම සොයා ගැනීමට අපේක්ෂා කරන බව සාගර කාරියවසම් මහතා වැඩිදුරටත් පැවසීය.

හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් අහෝසි කිරීමේ පනත් කෙටුම්පත සම්මත වීමෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ විජේරාම මාවතේ රජයේ නිල නිවසින් ඉවත්ව තංගල්ලේ කාල්ටන් නිවසට ගියේය.

ඔහු තවමත් සිටින්නේ කාල්ටන් නිවසේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles