30.6 C
Colombo
Friday, June 5, 2026

පාස්කු මහමොළකරුවන් 31 වෙනිදා රටට හෙළිකරනවා – ගම්මන්පිල

පාස්කු ප්‍රහාරයේ මහමොළකරුවන් මාර්තු මස 31 වනදා රටට හෙළිකරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක, නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසනවා.

අද (16) කොළඹ දී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට ඒකවෙමින් ඔහු මේ බව සඳහන් කළා.

කිසිදු පදනමක් නොමැතිව රණවිරුවන්ට හිංසා කිරීම උදෙසා පාස්කු ප්‍රහාරය උපයෝගී කරගෙන ඇති බවද ඔහු එහිදී කියා සිටියා.

වසර එකහමාරක් පුරාවට සිදුකළ පරේයේෂණයක ප්‍රතිපලයක් ලෙස ‘පාස්කු ප්‍රහාරයේ මහමොළකරු සොයා යෑම’ නමින් ග්‍රන්ථයක් තමා ඇටුළු කණ්ඩායම සකස් කළ බවත්, එය එළඹෙන 31 වැනිදා එළිදැක්වීමට සූදානම් බවත් සඳහන් කළා.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු පෙන්වාදුන්නේ,

“කිසිම පදනමක් නැතුව රණවිරුවන්ට හිංසා පීඩා කරන්න පාස්කු ප්‍රහාරයේ යොදාගත්තා. දැන් මේ ප්‍රෝඩාවට තිත තියන්න කාලය ඇවිත් තිබෙනවා . ඒ නිසා ආණ්ඩුව හෙළි නොකරන පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවා කවුද කියන එක මාර්තු මාසෙ 31 වැනිදා හෙළිදරව් කරන්න අපි සූදානම්. වසර එකහමාරක් පුරා වෙහෙසකර පර්යේෂණයක් කරලා පාස්කු ප්‍රහාරයේ ‘මහමොළකරු සොයා යෑම’ නමින් පර්යේෂණ ග්‍රන්ථයක් අපි සකස් කරා. ඒ පර්යේෂණ ග්‍රන්ථය මාර්තු 31 වෙනිදා හවස 3.30ට සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේදී එළි දක්වන්න අපි බලාපොරොත්තු වෙනවා..”

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles