අක්කරයක අස්වනු නෙලීම සඳහා ගොවීන්ට ඉන්ධන ලීටර් 15ක් ලබාදීමට තීරණය කළ බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි.
එහි කොමසාරිස්වරයා සඳහන් කළේ, සීසෑමේ කටයුතු සඳහා ලීටර් 20ක් ලබා දෙන බවය.
මෙම ඉන්ධන ලබාගැනීම සඳහා QR ක්‍රමවේදය අවශ්‍ය නොවන බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරයි.

