25 C
Colombo
Friday, June 5, 2026

බදාදා රජයේ නිවාඩු දිනයේ පොදු ප්‍රවාහන සේවා සීමා කෙරේ

රජයේ නිවාඩු ලබාදී ඇති බදාදා දිනයේ පොදු ප්‍රවාහන සේවා සීමා කිරීමට පියවර ගන්නා බව අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකිර්ති පවසයි.

රටේ පවතින තත්ත්වය අධ්‍යනය කර ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා ප්‍රධාන වශයෙන් කමිටු 4ක් පත් කර තිබේ.

ඒ අනුව රාජ්‍ය සේවාවන් පවත්වාගෙන යාමට අදාළ කමිටුව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්,

බලශක්ති පිළීබඳ කමිටුව අමාත්‍ය විජිත හේරත්ගේ ප්‍රධානත්වයෙන්,

අත්‍යවශ්‍ය භාණ්ඩ බෙදා හැරීම සහ අධීක්ෂණය කිරීම සඳහා වූ කමිටුව අමාත්‍ය බිමල් රත්නායකගේ ප්‍රධානත්වයෙන් සහ,

විවිධ සමාජ ස්ථරයන් සඳහා සුබසාධන සැලසීම සඳහා වූ කමිටුව අමාත්‍ය උපාලි පන්නිලගේ ප්‍රධානත්වයෙන්ද පත්කර තිබේ.

අමාත්‍යංශ ලේකම්වරුන් ඇතුලු අවශ්‍ය නිලධාරීන්ගෙන් අදාළ කමිටුව සමන්විතයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles