25 C
Colombo
Friday, June 5, 2026

රිමාන්ඩ් කර සිටි RMV නිලධාරීන් තිදෙනාට ඇප

ව්‍යාජ ආකාරයට මෝටර් රථ ලියාපදිංචි කිරීමේ සිද්ධියකට අදාලව අල්ලස් කොමිසම අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධ්‍යක්ෂකවරයකු ඇතුලු එම දෙපාර්තමේන්තුවේ නිලධාරින් තිදෙනා ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම අද(20) නියෝග කළා.

සිද්ධියට අදාල සැකකරුවන් බන්ධනාගාර නිලධාරින් විසින් අද අධිකරණය ඉදිරිපත් කිරිමෙන් අනතුරුව මෙලෙස නියෝග කළා.

එක් සැකකරුවෙකුට ලක්‍ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කරන ලෙසටද නියෝග කළා.

ව්‍යාජ ආකාරයට මෝටර් රථ ලියාපදිංචි කිරීම ඇතුළු චෝදනා කිහිපයක් යටතේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවය කරන ලද සහ දැනට සේවය කරනු ලබන නිලධාරීන් 04 දෙනෙකු අල්ලස් කොමිසම විසින් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණා.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් අල්ලස් කොමිසම වෙනුවෙන් පෙනී සිටි සහකාර අධ්‍යක්‍ෂක නීතිඥවරිය අධිකරණයට සඳහන් කර සිටියේ ලේඛන මඟින් මෙරටට ගෙන්වු මෝටර් රථයක් අනිතීක ලෙස මොටර් රථ දෙපාර්තමේන්තුව තුළ ලියාපදිංචි කර බදු නොගෙවා එම රථය පාවිච්චි කිරිමෙන් රේගුවට ලැබිය යුතු රුපියල් එක් කෝටි 17 ලක්ෂයකට අධික මුදලක් රජයට පාඩු කිරිම සම්බන්ධයෙන් මෙම සැකකරු අත්අඩංගුවට ගත් බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles