මේ දිනවල ජපානයේදී පැවැත්වෙන ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියේ අද (18) පැවති පිරිමි හෙල්ල විසිකිරීමේ ඉසව්වේ අවසන් තරගයට සහභාගි වූ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග එහි 7වන ස්ථානය දිනාගැනීමට සමත් විය.
මෙහිදී රුමේෂ් මීටර 84.38ක දක්ෂාවක් දැක්වීමට සමත් වූ අතර මෙහි විශේෂත්වය වන්නේ ඔලිම්පික් ශූරයන් දෙපළක් වූ ඉන්දියාවේ නීරාජ් චොප්රා හා පාකිස්තානයේ අර්ෂාද් නදීම් අබිබවා යාමට රුමේෂ් සමත්වීමය.
2020 ඔලිම්පික් රන් පදක්කමත්, 2024 ඔලිම්පික් රිදී පදක්කමත් දිනාගත් දිනාගත් නීරාජ් චොප්රාට මෙම තරගයේ දී 8වන ස්ථානය හිමි වූ අතර ඔහු මීටර 84.03ක දක්ෂතාවක් දැක්වීය.
එමෙන්ම වත්මන් ඔලිම්පික් ශූරයා වන අර්ෂාද්ට මෙහිදී 10වන ස්ථානයෙන් සෑහීමට සිදුවිය. ඔහුට දැක්වීමට හැකිවූයේ මීටර 82.75ක දක්ෂාවක්ය.
මෙහි රන් පදක්ම දිනාගැනීමට ට්‍රිනිඩෑඩ් ඇන්ඩ් ටොබැගෝ රාජ්‍යයේ Keshorn WALCOTT සමත් වූ අතර ඔහු මීටර 88.16ක දක්ෂාතාවක් දැක්වීය.
රිදී පදක්කම මීටර 87.38ක දක්ෂාවක් දැක් වූ ග්‍රෙනඩාවේ Anderson PETERS හිමිකරගත් අතර, ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත්වූයේ අමෙරිකාවේ Curtis THOMPSON (මී. 86.67) විසින්ය.
22 හැවිරිදි රුමේෂ් මෙම තරගයට ක්‍රීඩාකළ ලාබාලම ක්‍රීඩකයා වන අතර, ලෝක ශූරතා මලල ක්‍රීඩා ශූරතාවලියක අවසන් මහා තරගයක් ක්‍රීඩාකළ පළමු හා එකම ශ්‍රී ලාංකික ක්‍රීඩකයාය.