අඹතලේ ජල පවිත්‍රාගාරයේ විදුලි සැපයුම අත්හිටුවීම නිසා අද පෙරවරු 9:00 සිට පස්වරු 2:00 දක්වා පැය 05 කාලයක් දෙහිවල – ගල්කිස්ස නගරසභා බල ප්‍රදේශයේ ප්‍රදේශ කිහිපයකට ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය නිවේදනය කළා.
ඒ අනුව එම මණ්ඩලය සඳහන් කළේ කළුබෝවිල ,දෙහිවල, ගල්කිස්ස ,රත්මලාන, මොරටුව, රාවතාවත්ත හා සොයිසා පුර ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවන බවයි.

