2025 වසර ශ්‍රී ලංකාවට රජයේ ආදායම් වියදම් හා ණය අතින් සුවිශේෂී වසරක් බව වෙරිටේ රිසර්ච් ආයතනය පවසනවා. එම ආයතනය නිකුත් කළ නවතම වාර්තාවකයි මේ බව දැක්වෙන්නේ.
වෙරිටේ රිසර්ච් ආයතනය නිකුත් කළ වාර්තාවට අනුව 2025 වසරේ රජයේ ආදායම සියයට 15.3කින් ඉහළ යනු ඇති බවට අපේක්ෂා කළද එය සියයට 16.7කින් ඉහළ ගොස් ඇති බවයි දැක්වෙන්නේ.
2006 වසරට පසු දළ දේශීය නිෂ්පාදිතයට අනුව රජයේ ආදායම් ඉහළ ගිය පළමු අවස්ථාව මෙය වනවා.
එමෙන්ම 2025 වසරේ දී දළ දේශීය නිෂ්පාදිතයට අනුව රජයේ වියදම් සියයට 22ක් පමණ වනු ඇති බවටයි අපේක්ෂා කෙරුණේ.
එහෙත් එය සියයට 19ක් දක්වා පහත වැටී තිබුණා.
එමෙන්ම රජයේ ණය 2024 වසරේ සියයට 106ක්ව පැවති අතර එය සියයට 98ක් දක්වා 2025 වසරේ දී පහත වැටී තිබෙනවා.
එමෙන්ම අයවැය ශේෂය සෘණ සියයට 6.66ක් පමණ වනු ඇති බවට අපෙක්ෂා කෙරුණද එය සියයට සෘණ 2.3ක් දක්වා වැඩි දියුණු අගයකට පැමිණ තිබෙනවා. 1956 වසරෙන් පසු ඉහළම ශේෂය අගය ලැබී ඇත්තේ මෙවරයි.

