විදුලිය සහ බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කෙරුණා.
ඒ, අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ප්‍රභාත් චන්ද්‍රකීර්තිගේ අත්සනින් යුතුවයි.
ඒ අනුව සියළුම රාජ්‍ය ආයතනවල සහ ව්‍යවස්ථාපිත ආයතනවල පස්වරු 3.00ට සියළුම වායු සමීකරණ යන්ත්‍ර අක්‍රිය කිරීමට කටයුතු කළ යුතු අතර, පස්වරු 8.00න් පසු වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා විවිධ ස්ථානවල සවිකර ඇති විදුලි ආලෝක පුවරු, තිර නිවා දැමිය යුතු බවයි එහි දැක්වෙන්නේ.
එමෙන්ම, පළාත්පාලන ආයතනවලින් පාලනය වන වීදි ලාම්පු පස්වරු 6.00 සිට 10.00 අතර කාලය තුළදී නිවා දැමීමට කටයුතු කළ යුතු වනවා.
මීට අමතරව පුද්ගලයන් 100ට වැඩි සහභාගිත්වයෙන් පවත්වන විශාල උත්සව, සංගීත සංදර්ශන ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබාගැනීමකින් තොරව පැවැත්වීමට කටයුතු කළ යුතු බවයි අදාළ මාර්ගෝපදේශ මාලාවෙන් වැඩිදුරටත් දැනුම් දී ඇත්තේ.

