හෙට දිනයේ සිට ඉදිරි දින කිහිපය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී ගිගුරුම් සහිත වැසි ඇතිවිීමේ හැකියාවක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලත් පස්වරු 2 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
එමෙන්ම බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත්වලත්, කුරුණෑගල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.
අම්පාර, මඩකළපුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද උදෑසන කාලවල වැසි ස්වල්පයක් ඇතිවිය හැකියි.

