සමාජ ක්‍රියාකාරිකයෙකු වූ ඩෑන් ප්‍රියසාද් ඝාතන සිද්ධියේ වෙඩික්කරු ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලීසිය පවසනවා.
කෑගල්ල – රංවල ප්‍රදේශයේදී ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් වෙන්නේ.
කොළොන්නාව, සාලමුල්ල ප්‍රදේශයේ නිවසක සිටියදී පසුගිය අප්‍රේල් 22 වැනිදා ඩෑන් ප්‍රියසාද් හට වෙඩි තබා ඝාතනය කර තිබුණා.