ඕස්ට්‍රේලියාවේ ඉයන් හීලි ඕවල් (Ian Healy Oval) ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ අද (අප්‍රේල් 07) පැවැති තරගයෙන් එංගලන්ත වයස අවුරුදු 19න් පහළ කාන්තා කණ්ඩායම පරාජය කරමින් ලකුණු 52ක අතිවිශිෂ්ට ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා යොවුන් ක්‍රීඩිකාවන් සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම පන්දුවාර 42.4කදී සියලුදෙනා දැවී ලකුණු 170ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායමට පන්දුවාර 42.1කදී සියලුදෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 118ක් පමණයි.

