29 C
Colombo
Tuesday, October 7, 2025

අල්ලස් නඩු ඉක්මණින්ම විසඳන්න විශේෂ අධිකරණ දෙකක්

අල්ලස් නඩු කඩිනමින් විභාග කිරීම සඳහා විශේෂ අධිකරණ දෙකක් පිහිටුවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව එකඟ වී ඇති බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පවසනවා.

රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ඔහු සඳහන් කළේ, ඒ අනුව මෙම අධිකරණවලින් පළමු අධිකරණය එළඹෙන සතියේදී ස්ථාපිත කරන බවයි.

මෙම අධිකරණ දෙක පිහිටුවීමෙන් පසුව, අල්ලස් නඩු ඉක්මනින් විභාග කර, වරදක් කර ඇත්නම් අවශ්‍ය දඬුවම් නියම කිරීමට හැකියාව ලැබෙන බව ඔහු සඳහන් කළා.

දැනට පවතින නීතීමය ක්‍රමවේදය අනුව, අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කර ඇප ලබාගෙන එළියට පැමිණීමෙන් පසුව, රූපවාහිනියට කතා පවත්වන චක්‍රයෙන් අල්ලස අවසන් නොවන බව රංග දිසානායක මහතා එහිදී අවධාරණය කළා.

ඒ අනුව අල්ලස තුරන් කළ හැක්කේ දඬුවම් ලබාදීමෙන් පමණක් බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක වැඩිදුරටත් අවධාරණය කළා.

අල්ලස් හෝ දූෂණ විමර්ෂන කොමිෂන් සභාවට 2024 වර්ෂයටම පමණක් පැමිණීලි ලැබී ඇත්තේ, 4000ක පමණ පැමිණීලි සංඛ්‍යාවක් වන නමුත් 2025 වර්ෂය තුළ පසුගිය මාස අටක කාලය තුළදී පමණක් පැමිණිලි 4626ක් ලැබී ඇති බව ඔහු පෙන්වාදෙනවා.

” මේක දඬුවම් පැමිණවීමෙන් අවසන්විය යුතු තත්වයක්. ඒ තුළ තමයි පණිවිඩයක් යන්නෙ අනිත් අයට ඔබ වරදක් කළොත් ඔබට මේ දඬුවම හම්බෙනවා කියලා. ඒ නිසා එය ඉක්මනින් විය යුතුයි. ඒ සඳහා අපට ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නවා. අපි දන්නවා යුක්තිය ප්‍රමාද නොවී ඉටුවිය යුතුයි කියලා.

මිනිස්සු විශ්වාසයක් තියලා තියෙනවා. ඒ විශ්වාසය රකින එක අපේ යුතුකමක්, වගකීමක්. ඒක තමයි ඉදිරීයට රටේ දූෂණය අවම කිරීම සඳහා ගත හැකි දේ

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles