2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුලු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගි වීමට හැකිවන පරිදි තමන් වෙත “විරෝධතා නොමැති බව” සඳහන් සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර විසින් ගොනු කළ පැමිණිල්ලට එරෙහිව විරෝධතා ගොනු කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කොළඹ දිසා අධිකරණයට දැනුම් දුන්නා.
ඒ අනුව විරෝධතා ගොනු කිරීම සඳහා මෙම පැමිණිල්ල අප්‍රේල් මස 23 වනදා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය නියම කළා.

