පිටකොටුව, පළමු වන හරස් වීදියේ ගොඩනැගිල්ලක අද (20) ගින්නක් හටගෙන තිබේ.
අදාළ ගොඩනැගිල්ලේ 3 වන මහලේ ඇති වෙළඳසැලක් මෙසේ ගිනි ගෙන ඇති බව වාර්තා වේ.
ගින්න නිවීමේ කටයුතු මේ වන විට ආරම්භ කර ඇති අතර ඒ සඳහා ගිනි නිවන රථ 12ක් යොදවා ඇති බව ගිනි නිවන හමුදාව සඳහන් කළේය.
මේ අතර ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ගින්න මැඩපැවැත්වීම සඳහා ගුවන් හමුදා ට්‍රක් රථ 2ක්ද මේ වන විට යොමු කර ඇති බවය.
එමෙන්ම අවශ්‍ය වුවහොත් බෙල් 212 ගුවන් යානයද ගින්න මැඩපැවැත්වීම සඳහා මේ වන විට සූදානම් කර ඇති බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.