25 C
Colombo
Friday, June 5, 2026

ගෙන්නපු බාල ගල්අඟුරු නිසා වැයවන අතිරේක පිරිවැය විදුලි ගාස්තු සංශෝධනයේදී පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට තීරණයක්

විදුලි ගාස්තු සංශෝධනවලදී ද ගල්අඟුරු තත්ත්වය හේතුවෙන් වැය වන අතිරේක පිරිවැය විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කර තිබේ.

එම කොමිෂන් සභාව පැවසුවේ විදුලි ගාස්තු සංශෝධන යෝජනාවලදි සලකා බලනුයේ විදුලි ජනනය, සම්ප්‍රේශණය සහ බෙදාහැරීම සඳහා වැයවන සාධාරණ පිරිවැය පමණක් වන බවය.

පසුගිය විදුලි ගාස්තු සංශෝධන තීන්දුවේදී ද ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් වැයවන අතිරේක පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය අනුමත කර නොමැති බවත් ඉදිරි ගාස්තු සංශෝධන යෝජනාවලදීද ගල් අඟුරු තත්ත්වය හේතුවෙන් ඇතිවිය හැකි පිරිවැය හෝ වෙනත් සාධාරණ නොවන පිරිවැය විදුලිගාස්තුවලට ඇතුළත් නොකිරීම සඳහා මහජන උපයෝගීතා කොමිසම ඒකමතිකව තීරණය කළ බවත් එම කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles