බොරතෙල් බැරලයක මිල නැවතත් අමෙරිකානු ඩොලර් 100 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 6.96%කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල ඩොලර් 101.83ක් ලෙස සටහන් වුණා.
ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් 8.10%කින් ඉහළ ගොස් ඇති අතර එහි බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 104.36ක් ලෙසයි.

