කොළඹ පිටකොටුව පළවෙනි හරස්වීදියේ ගොඩනැගිල්ලක ඊයේ(20) පස්වරුවේ හටගත් ගින්න පැය 12ක මෙහෙයුමකින් අනතුරුව නිවා දමා තිබේ.
පොලීසිය සඳහන් කළේ විදුලි කාන්දුක් හේතුවෙන් ගින්න ඇති වී ඇති බවට සැක කෙරෙන බවයි.
විදුලි උපකරණ සහ ජංගම දුරකථන අලෙවි සැලක සිව්වන මහලේ ඊයේ පස්වරු 4.05ට ගින්න හට ගෙන තිබුණි.
ඉන් අනතුරුව අසල පිහිටි තවත් ගොඩනැගිල්ලකට ගින්න ව්‍යාප්ත වී තිබේ.
පසුව ගිනි නිවීමේ රථ 20 කට වැඩි ප්‍රමාණයක් ,ගුවන් හමුදාවේ බෙල් 212 යානයක් මෙන්ම පොලිස්,නාවික ,ගුවන් හමුදා නිලධාරීන් සහ වරාය ගිනි නීවිම් ඒකකය පැමිණ ගින්න පාලනය කිරිමට කටයුතු කළේ ය.
මේ අතර ඊයේ(20) හටගත් එම ගින්න සම්බන්ධයෙන් විමර්ශනය සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් පත්කර තිබේ.
පොලීසිය පැවසුවේ, රජයේ රස පරික්ෂකවරයා සහ මහේස්ත්‍රාත්වරයා අද(21) දිනයේ එම ගින්න හටගත් ස්ථානයට පැමිණීමට නියමිත බවයි.
පිටකොටුව පළවෙනි හරස්වීදියේ ගොඩනැගිල්ලක හටගත් ගින්න සම්බන්ධයෙන් සොයා බැලිම සඳහා කමිටුවක් පත් කරන බව වැඩබලන මහජන ආරක්ෂක අමාත්‍ය සුනිල් වටගල මහතා පවසයි.