30.6 C
Colombo
Friday, June 5, 2026

කෝටි 2කට අධික සන්නිවේදන උපකරණ සමඟ චීන ජාතිකයන් 9ක් අත්අඩංගුවට

පරිගණක මූල්‍ය අපරාධ සිදු කිරීමේ අරමුණින් මෙරටට පැමිණි බව කියන චීන ජාතිකයන් 09 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අද (16) අලු‍යම අත්අඩංගුවට ගෙන තිබෙනවා.

රුපියල් දෙකෝටි හතලිස් ලක්ෂ විසි දහසක් වටිනා විද්‍යුත් සන්නිවේදන උපකරණ තොගයක් ද ඔවුන් සතුව තිබී සොයාගත් බවයි වාර්තා වන්නේ.

මෙම චීන ජාතිකයන් පිරිස අද අලු‍යම 12.25ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යූ.- 6912 දරන ගුවන් යානයෙන් මෙරටට පැමිණ තිබුණා.

එහිදී ඔවුන් සිය සිරුරෙහි සහ ඇඳුම් තුළ සගවාගෙන රැගෙන ආ ජංගම දුරකථන 383ක්, ටැබ් පරිගණක 101ක් ඇතුළු තවත් උපකරණ සොයාගෙන තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles