28 C
Colombo
Tuesday, October 7, 2025

සම්පත් මනම්පේරි වැළලූ උණ්ඩ තොගයක් හමුවෙයි

මිද්දෙණියේ ඉඩමකින් අයිස් මත්ද්‍රව්‍ය සහ කන්ටේනර් දෙකක් සොයා ගැනීමේ සිදුවීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින පොදුජන පෙරමුණේ හිටපු පළාත් පාලන අපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තා පසුගිය 17  වැනිදා වලස්මුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට භාරවිය.

මේ අතර, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය භාරයේ සිටින සම්පත් මනම්පේරි නැමැත්තා ඊයේ  බස්නාහිර උතුර අපරාධ කොට්ඨාශය වෙත රැගෙන ආවේ මිද්දෙණිය ප්‍රදේශයේ ඔහුට අයත් ඉඩමක අයිස් මත්ද්‍රව්‍ය වළ දමා තිබී සොයා ගැනීමේ සිද්ධියට අදාළව ප්‍රශ්න කිරීම සඳහායි.

එහිදී ඔහු විසින් ලබාදුන් තොරතුරු මත ඉඩමේ කල සෝදිසි මෙහෙයුමකදී ඔහු විසින් වළ දැමූ බව කියන උණ්ඩ ඇතුළු ආයුධ තොගයක් සොයා ගෙන තිබේ.

එහි තිබී රන්පැහැති ටී 56 මැගසින් එකක්, ටී 56 උණ්ඩ 115 ක්, අත් බෝම්බයක්, කැඩී ගිය මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයක් සොයා ගත් බවට පොලීසිය පවසා ඇත.

මෙම ආයුධ සැකකරු විසින් පසුගිය 3 වැනිදා සිය අනියම් බිරිඳගේ නිවස පිහිටි ඉඩමේ වළ දමා ගොස් ඇතැයි සිදු කළ විමර්ශන වලදී අනාවරණ වී තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles