බංග්ලාදේශයේ එක්දින සහ විස්සයි විස්ස තරගාවලියකට ක්‍ර්‍රීිඩා කරන ශ්‍ර්‍රීි ලංකා කාන්තා සංචිතය අද ප්‍රකාශයට පත් කළ අතර කණ්ඩායම හෙට දිවයිනෙන් පිටත්ව යනවා.
එක්දින තරගාවලිය ලබන 20 වැනිදා ඇරඹෙන අතර තරග 3 කින් යුත් විස්සයි විස්ස තරගාවලිය ඇරඹෙන්නේ ලබන 28 වැනිදායි.
චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා සංචිතය, එළඹෙන කාන්තා ලෝක කුසලාන තරගාවලියට පෙර ශ්‍රී ලංකා ක්‍රිඩිකාවන් සහභාගී වන අවසන් තරගාවලිය වනු ඇති.


