25 C
Colombo
Friday, June 5, 2026

RMV ලොක්කාට ඇප

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා ඇප මත මුදාහැරිමට පිලැස්ස මහේස්ත්‍රාත් ඩබ්ලිව්.එම්.එම්.අයි.වාසල මහත්මිය අද (20) නියෝග කර තිබේ.

ඒ අනුව රු. 25,000ක මුදල් ඇපයක් සහ ලක්ෂ 2 බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔහුව මුදා හැරීමට නියෝග කර ඇත.

කෙසේ වෙතත් ඔහුට විදෙස් ගමන් තහනමක් ද පනවා ඇති අතර අදාළ නඩුව මැයි 11 වනදා නැවත කැඳවීමට නියමිතය.

වාහනයක් ලියාපදිංචි කිරීමේදී සිදුව ඇති බව කියන අක්‍රමිකතාවයක් සම්බන්ධයෙන් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් කමල් අමරසිංහ මහතා පසුගිය මාර්තු 27 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගනු ලැබීය.   

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles