25 C
Colombo
Friday, June 5, 2026

සෙව්වන්දිට තවත් දින 30ක රැඳවුම් නියෝග

ගනේමුල්ල සංජීව නමැත්තා ඝාතනය කිරීමට අනුබල දීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන ප්‍රශ්න කරනු ලබන ඉෂාරා සෙව්වන්දිගේ තවත් දින 30 ක් රඳවා තබාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය අද (20) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම හමුවේ පැවසූවා.

සිද්ධියට අදාලව කොළඹ අපරාධ කොට්ඨාශය විසින් සිදු කරනු ලැබූ කරුණු දැක්වීමකින් අනතුරුව එලෙස නියෝග කළා.

සැකකාරියට එරෙහිව ගෙන තිබූ පළමු දින 90ක රැඳවුම් නියෝග ඉකුත් ජනවාරි 15 දිනෙන් අවසන් වු බවත් ඉන්පසු දෙවන දින 90 ක රැඳවුම් නියෝග කාලය ලබාගත් බවයි.

එම දින 90ක රැඳවුම් නියෝග කාලය ද මේ වන විට අවසන් වන බැවින් තවත් දින 30ක කාලයක් ලබා ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වුවා.

මෙම සිද්ධියට අදාලව විදෙස් ගතව සැකකරුවන් අට දෙනෙක් සිටින බවත් එම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදන  ලබා  ගැනීමට  අවශ්‍ය පියවර ගෙන ඇති බවද කොළඹ අපරාධ කොට්ඨාසය අධිකරණයට දැන්වුවා.

සිද්ධියට අදාල නඩුව කැඳවූ අවස්ථාවේදී මෙලෙස දැන්වුවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles