25 C
Colombo
Friday, June 5, 2026

ජපානයට රික්ටර් මාපක 8ක දැවැන්ත භූ කම්පාවක් සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීමක්

ජපානයට රික්ටර් මාපකයේ 8ක් හෝ ඊට වැඩි ප්‍රබලත්වයකින් යුත් දැවැන්ත භූකම්පනයක් ඇතිවීමේ අවදානමක් ගැන එරට රජය විසින් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

ඒ අද ජපානයේ උතුරු ප්‍රදේශයට බලපෑ රික්ටර් මාපක 7.7ක ප්‍රබලවයෙන් යුත් භූකම්පනයෙන් අනතුරුවය.

මෙම භූචලනත් සමග පළමු සුනාමි රළ පහර ජපානයේ නැගෙනහිර වෙරළට ළඟා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.

එම පළමු රළ පහර ජපානයේ ඉවාටේ ප්‍රාන්තයට ළඟා වෙමින් පවතින බවත් එහි එක් රළක් සෙන්ටිමීටර් 40ක අගයක් ගෙන ඇති බවත් එම මාධ්‍ය වාර්තා කර ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles