31 C
Colombo
Wednesday, October 8, 2025

ඊශ්‍රායලයේ වීසා නොමැතිව සිටින ලාංකිකයන්ට සුබ ආරංචියක්

ඊශ්‍රායලයේ වීසා නොමැතිව ජීවත් වන ශ්‍රී ලාංකිකයන්ට වීසා ලබාගැනීම සඳහා විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ බව එරට ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

ඒ අනුව, දෙරට අතර පාර්ලිමේන්තු මට්ටමින් සහයෝගිතාව ගොඩනැගීම සඳහා, ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ පිහිටුවා ඇති පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ වාර්ෂික හමුවේදී මේ සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වූ බවයි තානාපතිවරයා සඳහන් කළේ.

මෙහිදී ශ්‍රී ලාංකිකයන් මෙන්ම වෙනත් ජාතිකයන්ද වීසා නොමැතිව සිටින බැවින්, ඒ පිළිබඳ ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ විදේශ සේවකයන් පිළිබඳ කමිටුව හමුවේ කරුණු දක්වන ලෙස දන්වා ඇති බවද, ඊළඟ සාකච්ඡාවේදී මෙම ගැටලුව පිළිබඳ ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ විදේශ සේවකයන් පිළිබඳ කමිටුව හමුවේ කරුණු දැක්වීමට බලාපොරොත්තු වන බවද තානාපතිවරයා ප්‍රකාශ කළා.

මෙම හමුවට ඊශ්‍රායල – ශ්‍රී ලංකා මිත්‍රත්ව සංගමයේ සභාපති ආචාර්ය Tsega Melaku, එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන්, පාර්ලිමේන්තුවේ විදේශ ප්‍රතිපත්ති අංශයේ නිලධාරීන් සහ ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි හේමන්ත ඒකනායක ඇතුළු පිරිසක් එක්ව තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,700SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles