25 C
Colombo
Friday, June 5, 2026

ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ප්‍රමුඛතා බස් රථ සේවාව අද සිට

ආබාධිත පුද්ගලයින් සඳහා පත්ල පහළ ප්‍රමුඛතා බස් රථ සේවාව මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ සිට අද (21) ආරම්භ කෙරෙන බව ප්‍රවාහන , මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යංශය පවසනවා.

සැමට සම අවස්ථා සහ මානව ගරුත්වය සුරක්ෂිත කරන රටක් යන රජයේ දැක්මට අනුව මෙය ආරම්භ කළා.

මෙම වැඩසටහන සඳහා රුපියල් මිලියන 430ක මුල්‍ය ප්‍රතිපාදන යොදාගෙන ඇති අතර මෙය ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක තවත් සුවිශේෂී ව්‍යාපෘතියක්.

මෙහි පළමු අදියර යටතේ රෝද පුටු භාවිත කරන්නන්ට ඉතා පහසුවෙන් ළඟාවිය හැකි පතුල පහළ විශේෂ වර්ගයේ නවීන වායු සමනය කළ විශේෂ බස්රථ 10ක් සේවයේ යෙදවීමට නියමිතයි.

මෙම බස්රථයක එකවර මගීන් 80කට ගමන්කළ හැකි අතර ආසන 33කින් සමන්විතයි.

රෝද පුටු භාවිත කරන්නන්ගේ ආරක්ෂාව උදෙසා විශේෂ තාක්ෂණික අංගවලින්ද මෙය යුක්ත වනවා.

මාකුඹුර සිට පිටකොටුව සහ කඩවත දක්වා බස් රථ ධාවනයට සැලසුම් කළ තිබෙනවා.

විශේෂයෙන්ම මහරගම අපේක්ෂා රෝහල ඇතුළුව කොළඹ ජාතික රෝහල ඇතුළු ප්‍රධාන සෞඛ්‍ය සේවා මධ්‍යස්ථාන ආවරණය කරමින් ධාවන කටයුතු සිදු කිරීම සැලසුමයි.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ තෝරාගත් රියදුරන් 28 දෙනෙකු සඳහා ව්‍යාපෘතිය පිළිබඳ විශේෂ පුහුණුවක් ලබාදීමට කටයුතු කෙරුණා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles