25 C
Colombo
Friday, June 5, 2026

IPL අවසරය ඉල්ලා නුවන් තුෂාර ගොනු කළ පැමිණිල්ල අධිකරණයෙන් ඉල්ලා අස්කර ගනී

2026 වසරේ ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලිය ඇතුළු ජාත්‍යන්තර ප්‍රිමියර් ලීග් තරගවලට සහභාගී වීමට හැකිවන පරිදි තමන් වෙත “විරෝධතා නොමැති බව” සඳහන් සහතිකය නිකුත් කරන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත බලකිරීමේ අනිවාර්ය අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ක්‍රිකට් ක්‍රීඩක නුවන් තුෂාර ගොනු කළ පැමිණිල්ල අද (23) කොළඹ දිසා අධිකරණය වෙතින් ඉල්ලා අස්කර ගත්තා.

මෙම පැමිණිල්ල අද කැඳවූ අවස්ථාවේදී පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ උපදේශන නීතිඥ ජී.ජී. අරූල්ප්‍රගාසම් අධිකරණය හමුවේ කරුණු දක්වමින් IPL ක්‍රිකට් තරගාවලියේ තරග කිහිපයක් දැනටමත් අවසන් වී ඇති නිසා මෙම ඉල්ලීම තවදුරටත් පවත්වාගෙන යාමට සිය සේවා දායකයා අපේක්ෂා නොකරන බවත් එය ඉල්ලා අස්කර ගැනීමට අවසර දෙන ලෙසත් ඉල්ලා සිටියා.

ඒ අනුව අදාළ පැමිණිල්ල ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් අධිකරණය, අනතුරුව එය නිෂ්ප්‍රභා කළා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles