25 C
Colombo
Friday, June 5, 2026

සජබයේ ආරාධනයට එජාපයෙන් පිළිතුරු

මෙවර මැයි දිනය සැමරීම සඳහා සමගි ජන බලවේගය විසින් සිය පක්ෂය සමඟ එකතු වන ලෙසට එක්සත් ජාතික පක්ෂයට කළ ආරාධනයකට පිලිතුරු දෙමින් එම පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරල මහත්මිය ලිපියක් නිකුත් කර ඇත.

ඇය එම ලිපියෙන් දැනුම් දී ඇත්තේ,  මෙවර මැයි දිනය යෙදී ඇති පළමු වැනිදා පසළොස්වක පොහෝ දිනයක් බැවින්, එදින දේශපාලන කටයුතුවල නොයෙදී ආගමික උත්සව සඳහා වෙන් කිරීමට එක්සත් ජාතික පක්ෂය කලින්ම තීරණය කළ බවය.

මැයි පළමු වෙනිදා පොහෝ දිනයක් වුවහොත් දේශපාලන කටයුතුවල යෙදීම සුදුසු නොවන බවට රණසිංහ ප්‍රේමදාස මහතා අගමැතිවරයා ලෙස සිටි සමයේ පෙන්වා දී ඇති බව ඇය සිහිපත් කරයි.

එබැවින් සමගි ජන බලවේගයේ හෝ වෙනත් පක්ෂයක හෝ මැයි දින රැලිවලට සහභාගී වීමට එක්සත් ජාතික පක්ෂයට අවකාශක් නොමැති බව ඇය දැනුම් දී තිබේ. 

එක්සත් ජාතික පක්ෂ සහ සමගි ජන බලවේගය එකට එකතු වී වැඩකිරීම බොහෝ දෙනෙකුගේ අපේක්ෂාව බවත් එබැවින් අනාගත දේශපාලන කටයුතුවලදී එකට වැඩ කිරීමට එක්සත් ජාතික පක්ෂය සූදානම් බවත් ඇය සිය ලිපියෙන් වැඩිදුරටත් දැනුම් ද තිබේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles