30.6 C
Colombo
Friday, June 5, 2026

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් රුමේෂ් තරංගට රුපියල් කෝටියක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නැගී එන හෙල්ලය විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරංග පතිරගේට රුපියල් මිලියන 10ක මූල්‍ය ප්‍රදානයක් අද (28 දා) දින පිරිනමන ලදී. මෙම මූල්‍ය ප්‍රධානය අද පස්වරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවති කෙටි උත්සවයකදී රුමේෂ් තරංග වෙත භාර දෙන ලදී.

යෞවන කටයුතු හා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ විසින් කරන ලද ඉල්ලීමකට අනුව, ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ මඟ පෙන්වීම යටතේ මෙම සහයෝගය ලබා දෙන ලදී.

මෙම මුලපිරීම ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔබ්බට ක්‍රීඩා සඳහා සහාය වීමට සහ ප්‍රවර්ධනය කිරීමට මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් සාර්ථකත්වය අත්කර ගැනීමට පොරොන්දු වූ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සහාය වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය දරන අඛණ්ඩ උත්සාහයේ කොටසකි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles