ඉන්දීය සිනමාවේ අතිශය ජනප්‍රිය වූ ‘3 Idiots’ චිත්‍රපටයේ දෙවන කොටස නිර්මාණය වන බව සුපිරි නළු අමීර් ඛාන් නිල වශයෙන් තහවුරු කර තිබෙනවා.
සම්මුඛ සාකච්ඡාවකදී ඔහු අනාවරණය කර ඇත්තේ ප්‍රකට අධ්‍යක්ෂ රාජ්කුමාර් හිරානි සහ තිරකතා රචක අභිජාත් ජෝෂි මේ වන විට එහි පිටපත සකස් කරමින් සිටින බවයි.
එහි මූලික කතාව දැනටමත් හැඩ ගස්වා ඇති අතර, එය පැරණි චිත්‍රපටයේ හාස්‍යය රැකගනිමින් ඉදිරිපත් කරන නැවුම් අත්දැකීමක් වනු ඇතැයි ඔහු සඳහන් කර ඇත්තේ.
මෙම නව චිත්‍රපටයේ ඇති විශේෂත්වය වන්නේ එය පළමු චිත්‍රපටය අවසන් වී වසර 10කට පසුව නිර්මාණය වීමයි.
ඒ අනුව ‘රැන්චෝ’, ‘ෆර්හාන්’ සහ ‘රාජු’ යන ආදරණීය චරිත ඔවුන්ගේ ජීවිතයේ මීළඟ අදියරේදී මුහුණ දෙන සිදුවීම් මෙහිදී දැකගත හැකියි.
මෙහිදී තමන් නැවතත් ‘ෆුන්සුක් වන්ග්ඩු’ (රැන්චෝ) ලෙස රංගනයෙන් දායක වන බවයි අමීර් ඛාන් තහවුරු කර තිබෙන්නේ.
“මෙය ඔබ ‘3 Idiots’ හි දුටු චරිතවලම වසර 10කට පසු කතාවක් බවද ඔහු පවසනවා. මෙහි සංකල්පය අසාමාන්‍යයි, නමුත් එහි මුල් චිත්‍රපටයේ තිබූ හාස්‍යය එලෙසම තිබෙනවා,” යනුවෙන් අමීර් වැඩිදුරටත් පවසා තිබෙනවා.
2009 වසරේදී තිරගත වූ ‘3 Idiots’ චිත්‍රපටය ඉන්දියාවේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳව කළ සමාජ විවේචනය සහ එහි අන්තර්ගත වූ මිත්‍රත්වය හේතුවෙන් ලොව පුරා අතිශය ජනප්‍රියත්වයට පත් වුණා.
මීට අමතරව, අමීර් ඛාන් සහ රාජ්කුමාර් හිරානි එක්ව කිරීමට සැලසුම් කර තිබූ ‘දඩාසාහේබ් පාල්කේ’ ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වීමට තිබූ චිත්‍රපටය, තිරපිටපතේ සිදුකරන වෙනස්කම් හේතුවෙන් දැනට තාවකාලිකව නතර කර ඇති බවයි වාර්තා වන්නේ.
ඒ අනුව, ‘3 Idiots 2’ හරහා නැවතත් සිනමාලෝලීන්ට අමතක නොවන අත්දැකීමක් සමීප වනු ඇති බවටයි ක්ෂේත්‍රයේ විචාරකයෝ අනාවැකි පළ කරන්නේ.

