ශ්‍රී ලංකා ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ සභාපති ධුරය භාරගැනීමත් සමඟ, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එරාන් වික්‍රමරත්න සමගි ජන බලවේගයේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
ඔහු පක්ෂයේ විධායක කමිටුවෙන් සහ කළමනාකරණ කමිටුවෙන් මෙලෙස ඉල්ලා අස්වන බව පක්ෂයට දැනුම් දී ඇති බව සමගි ජන බලවේගයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුම බණ්ඩාර තහවුරු කළා.
ක්‍රිකට් අතුරු පාලක කමිටුවේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම සහ එහි කටයුතු විනිවිදභාවයකින් යුතුව පවත්වාගෙන යාම සඳහා ඔහු මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.


