25 C
Colombo
Friday, June 5, 2026

ආසියානු සංවර්ධන බැංකුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 100ක ආධාරයක්

ආසියානු සංවර්ධන බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 100 ඉක්මවූ විශේෂ ආධාර මුදලක් ශ්‍රී ලංකාවට ලබා දීමට එකඟතාව පල කර තිබේ.

ඒ මෙරට අපනයන වෙළෙඳපොළ විවිධාංගීකරණය කිරීම සඳහායි.

මෙරට අපනයන ක්‍රියාවලිය නිරීක්ෂණය කිරීම සඳහා එම බැංකුවේ විශේෂ පිරිසක් මෙරටට පැමිණ සිදු කරන සාකච්ඡා අතරතුර මෙම එකඟතාව පළ කර තිබේ.

අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති මංගල විජේසිංහ සඳහන් කළේ, ඉදිරියේදීත් මෙරට අපනයන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට සහාය වීමට ආසියානු සංවර්ධන බැංකුව එකඟ වූ බවයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles