30.6 C
Colombo
Friday, June 5, 2026

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩක රුමේෂ් ලෝක ශ්‍රේණිගත කිරීම්වල 7වැනි තැනට

ශ්‍රී ලංකා හෙල්ල විසි කිරීමේ ක්‍රීඩාවේ නව බලාපොරොත්තුවවන රුමේෂ් තරංග පතිරගේ ලෝක ශ්‍රේණිගත කිරීම්වල 07 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණ තිබේ.

ලෝක මලල ක්‍රීඩා සංගමය විසින් නිකුත් කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම් අනුව රුමේෂ්ට මෙම ස්ථානය හිමිව ඇත.

ජාත්‍යන්තර මලල ක්‍රීඩා පිටියේ කැපී පෙනෙන දක්ෂතා රැසක් පසුගිය කාලය පුරා ඔහු වාර්තා කළේය.

නයිරෝබි නුවර පැවති කිප් කීනෝ ක්ලැසික් තරඟාවලියේදී මීටර් 89.28 ක දක්ෂතාවයක් දක්වමින් නව තරඟ වාර්තාවක් සමඟ රන් පදක්කම දිනා ගැනීමට රුමේෂ් සමත්විය. එහිදී ඔලිම්පික් රන් පදක්කම්ලාභී තෝමස් රෝලර් සහ ලෝක ශූර ජුලියස් යේගෝ වැනි ප්‍රබල ක්‍රීඩකයින් අභිබවා යාමට ඔහුට හැකි වූ අතර දින 30 ක් ඇතුළත ඔහු මීටර් 89 සීමාව පසුකළ දෙවන අවස්ථාව මෙය ලෙස වාර්තාවුණි.

මෙම අඛණ්ඩ දක්ෂතාවයත් සමඟ ලෝකයේ ඉදිරිපෙළ ක්‍රීඩකයෙකු ලෙස රුමේෂ් තරංග පතිරගේ තහවුරු වී ඇත.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles