25 C
Colombo
Friday, June 5, 2026

වසරේ මේ දක්වා සංචාරක පැමිණීම ලක්ෂ අට හමාර පනී

වසරේ ගතවූ මාස කිහිපය තුළ සංචාරකයින් ලක්ෂ 8 හමාරකට අධික පිරිසක් පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.

එම අධිකාරිය පැවසුවේ ජනවාරි සහ පෙබරවාරි මාසවල පිළිවෙලින් 277,327ක් සහ 279,328 ක් පැමිණීම් වාර්තා වූ අතර, එය 2025 සහ 2018 වසර දෙකටම සාපේක්ෂව සැලකිය යුතු වර්ධනයක් පෙන්නුම් කරන බවයි.

කෙසේ වෙතත් මෙම ධනාත්මක ප්‍රවණතාවය 2026 මාර්තු මාසයේදී අඩු වීමක් දක්නට ලැබෙන අතර, එහිදී සංචාරකයින්ගේ පැමිණීම 183,979 දක්වා පහත වැටී තිබේ.

මැද පෙරදිග කාලපයේ පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙම හදිසි පහත වැටීමට සිදුව ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

කෙසේවෙතත් අප්‍රේල් මාසයේ දී සංචාරකයින් පැමිණ ඇත්තේ, 117,893ක් පමණි.

මාර්තු මාසයේ පහත වැටීමක් තිබියදීත් 2026 වසරේ පළමු කාර්තුව අවසන් වන විට සංචාරකයින්ගේ මුළු පැමිණීම් 858,527ක් දක්වා ළඟා වීමට හැකි වීම විශේෂත්වයක් බව ද එම අධිකාරිය සඳහන් කරයි.

ඉන්දියාව, එක්සත් රාජධානිය, රුසියාව, චීනය සහ ජර්මනිය ඇතුළු රටවලින් වැඩිම සංචාරකයින් පිරිසක් දිවයිනට පැමිණ ඇති බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් පවසයි.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles