25 C
Colombo
Friday, June 5, 2026

මහින්දානන්ද පදනමේ දේපළ යළිත් දුම්රිය දෙපාර්තමේන්තුවට

දුම්රිය දෙපාර්තමේන්තුව සතු නාවලපිටියේ පිහිටි ඉඩමක වසර 20 කට ආසන්න කාලයක් බදු පදනම මත පවත්වාගෙන ආ මහින්දානන්ද අලුත්ගමගේ පදනමේ නිශ්චල සහ චංචල දේපල සියල්ල යළි එම දෙපාර්තමේන්තුවට භාර දුන්නා.

පසුගිය වසරේ දෙසැම්බර් මාසයේ පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ මහත්මිය ප්‍රකාශ කළේ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉඩමක පවත්වාගෙන යන මහින්දානන්ද අලුත්ගමගේ පදනම් ගොඩනැගිල්ල මාසයක කාලයක් තුළ යළි රජයට පවරා ගැනීමට ක්‍රියා කළ යුතු බවයි.

මෙම ස්ථානය බදු පදනම මත මහින්දානන්ද අලුත්ගමගේ පදනම මගින් ලබා ගෙන තිබෙනවා.

කෙසේ වුවද බදු කොන්දේසි කඩකර ඇති බවට චෝදනා එල්ල වනවා.

ඒ අනුව මෙම ගොඩනැගිලි හා භූමිය දුම්රිය දෙපාර්තමේන්තුවට භාරදීම අද සිදු කෙරුණා.

පවරාගත් මෙම දේපල පොල භූමියක් ලෙස භාවිත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තුෂාරි ජයසිංහ කියා සිටිනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles