මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු අද (02) පස්වරුවේ සිදුකෙරුණි.
අදාළ මුදල් අක්‍රමිකතාව සම්බන්ධයෙන් ඒ මහතා යම් මානසික ආතතියකින් සිට ඇති බවයි පොලිස් විමර්ශනවලදී අනාවරණ විය.
මුදල් අමාත්‍යාංශය සතු අමෙරිකානු ඩොලර් මිලියන 2.5ක් වංචනිකයන් පිරිසක් අතට පත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් වැඩතහනමට ලක්ව සිටි මහා භාණ්ඩාගාරයේ විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යක්ෂ රංග රාජපක්ෂ මහතා අප්‍රෙල් 30 වැනිදා සිය ගෙවත්තේදී සැකකටයුතු ලෙස මියගොස් තිබුණි.

