ලෝක වෙළෙඳපොළේ බොර තෙල් මිල පහතට ගොස් තිබෙනවා.
ඒ, පාකිස්ථානය මැදිහත්කරුවෙකු ලෙස යොදා ගනිමින් ඉරානය අමෙරිකා එක්සත් ජනපදය සමග නැවත සාකච්ඡා ආරම්භ කිරීමට යෝජනා කර ඇති බවට ලැබුණු වාර්තාත් සමගයි.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 108.2 ලෙසද, WTI වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 101.9ක් ලෙසයි දැක්වෙන්නේ.

