25 C
Colombo
Friday, June 5, 2026

මාලදිවයින් ජනාධිපති පිළිගැනීමේ නිල උත්සවය ඇරඹෙයි

තෙදින නිල සංචාරයක් සදහා දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපති ආචාර්යය මොහොමඩ් මුයිසු මහතා පිලිගැනීමේ නිල රාජ්‍ය උත්සවය මේ වන විට ආරම්භ වී තිබේ.

නිල පිළිගැනීමේ උත්සවයෙන් පසුව දෙරටේ නායකයින් ඒකාබද්ධව මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීමටද නියමිතව තිබේ.

දිගුකාලීන මිත්‍රත්වය සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මාලදිවයින් ජනාධිපතිවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද අපේක්ෂිතය.

තවද විවිධ ක්ෂේත්‍රවල සහයෝගීතාව පුළුල් කිරීම සඳහා දෙරටේ පොදු කැපවීම පිළිඹිබු කරමින් ඒ මහතාගේ මෙම සංචාරය අතරතුර අවබෝධතා ගිවිසුම් කිහිපයක්ද අත්සන් කෙරෙනු ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය සඳහන් කළේය.

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනයකට අනුව දිවයිනට පැමිණි මාලදිවයින් ජනාධිපතිවරයා ලබන 06 වන දින තෙක් මෙරට රැඳී සිටිනු ඇත.

2023 වසරේදී ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මාලදිවයින් ජනාධිපතිවරයා මෙරට සිදු කරන පළමු සංචාරයද මෙය වේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles