රේගුව විසින් අප්‍රේල් මාසය තුළදී පමණක් රුපියල් බිලියන 236 ඉක්මවූ වාර්තාගත ආදායමක් උපයා තිබෙනවා.
අප්‍රේල් මාසය සඳහා ආදායම් ඉලක්කය වී ඇත්තේ, රුපියල් බිලියන 181.27ක්.
එමෙන්ම වසරේ පළමු මාස 4 තුළදී පමණක් රේගුව විසින් රුපියල් බිලියන 919කට වැඩි ආදායමක් උපයාගෙන ඇති බවයි රේගු දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

