25 C
Colombo
Friday, June 5, 2026

අගමැතිනිය සහ වියට්නාම ජනාධිපති අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සංචාරයක නිරත වියට්නාම් සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කමිටුවේ මහලේකම් ටෝ ලාම් (TO LAM) මහතා  සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මිය අතර ද්වීපාර්ශ්වික සාකච්ඡාවක් අද (08) පස්වරුවේ කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වුණා.

වියට්නාම ජනාධිපතිවරයා ඉතා උණුසුම් ලෙස පිළිගත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ආරාධනය පිළිගෙන ශ්‍රී ලංකාවේ සංචාරයකට එක්වීම පිළිබඳව කෘතඥතාව පළ කළා.

ශ්‍රී ලංකාව සහ වියට්නාමය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවලට 56 වසරක් සපිරෙන අවස්ථාවේ සිදු කෙරෙන ටෝ ලාම් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය මගින් දෙරට අතර ශක්තිමත් හවුල්කාරිත්වය, විශ්වාසය සහ මිත්‍රත්වය පිළිබිඹු කෙරෙන බවත් ඉදිරියේදි දෙරට අතර සබඳතාවල නව සන්ධිස්ථානයක් සනිටුහන් කෙරෙනු ඇති බවටත් අග්‍රාමාත්‍යවරිය මෙහිදී ප්‍රකාශ කළා.

දෙරටේ ජනතාවට අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හිමිවන අයුරින් ආර්ථික, සංස්කෘතික හා සමාජයීය සබඳතා ඇතුළු බහුවිධ හවුල්කාරිත්වය තවදුරටත් වර්ධනය කරගැනීම සහ විවිධාංගීකරණය කිරීමේ ක්‍රමෝපායන් පිළිබඳව මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වී ඇති බව සඳහන්.

ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රී, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරු ඇතුළු නිලධාරිහු පිරිසක් මෙම අවස්ථාවට සහභාගි වී තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles