30.6 C
Colombo
Friday, June 5, 2026

පල්ලේගම හේමරතන හිමි 12 වැනිදා දක්වා රිමාන්ඩ්

දැරියක් අපයෝජනය කළැයි වන චෝදනා මත අත්අඩංගුවට ගත් සැකකාර පල්ලේගම හේමරතන හිමි, 12 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

සැකකාර හිමිනම, 12 වැනිදා අනුරාධපුර බන්ධනාගාරයට ඉදිරිපත් කිරීමට ද නියෝග කර ඇත.

සැකකාර පල්ලේගම හේමරතන හිමි, ඊයේ (මැයි 8) රාත්‍රී කාලයේදී අත්අඩංගුවට ගෙන තිබුණා. ඒ, කොළඹ නවලෝක රෝහලේදී යි.

සැකකාර හිමිනම, වෛද්‍ය උපදෙස් මත කොළඹ ජාතික රෝහලේ හෝ බන්ධනාගාර රෝහලේ ප්‍රතිකාර සදහා යොමු කරන ලෙසයි මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත්තේ.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles