තංගල්ල ප්‍රදේශයේ පිහිටි මත්ද්‍රව්‍ය සහිත ලොරි රථ සොයාගත් නිවසේ අසාධ්‍යව සිට, රෝහල්ගත කිරීමෙන් පසු මියගිය පුද්ගලයාගේ පුතුන් දෙදෙනා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ මත්ද්‍රව්‍ය සොයාගැනීම සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයට අදාළව ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
තංගල්ලේ, සීනිමෝදර නිවසක තිබී ඊයේ (22) පෙරවරුවේ මළ සිරුරු දෙකක් සොයාගෙන තිබූ අතර, තවත් එක් පුද්ගලයෙක් අසාධ්‍යව සිට රෝහල්ගත කිරීමෙන් පසු මියගොස් තිබුණා.
පසුව, නිවසේ සිදුකළ සෝදිසියකදී පොලිසිය විසින් මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන තිබුණු අතර, ලොරි රථ තුනක තිබී පොලීසිය විසින් සොයාගත් එම මත්ද්‍රව්‍ය තොගයේ සමස්ත වටිනාකම රුපියල් මිලියන 9,888 ක් පමණ වන බවයි පොලීසිය පවසා සිටියේ.