25 C
Colombo
Friday, June 5, 2026

ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් පොලීසියෙන් පැහැදිලි කිරීමක්

මැයි පළමු වනදා සිට ක්‍රියාත්මක වනු ලබන ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් නිකුත් කිරීම සම්බන්ධයෙන් පොලීසිය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ශ්‍රී ලංකා රක්ෂණ නියාමන කොමිෂන් සභාව, ශ්‍රී ලංකා රක්ෂණ සංගමය සහ රක්ෂණ කර්මාන්තයේ අනෙකුත් පාර්ශවකරුවන් එක්ව ගනු ලැබූ තීරණයකට අනුව රක්ෂණ ආයතන මඟින් මෙලෙස මෝටර් රථ රක්ෂණ සහතික පත්‍ර වෙනුවට, ඩිජිටල් මෝටර් රථ රක්ෂණ කාඩ්පත් හඳුන්වා දී ඇති බව නිවේදනයේ සඳහන්.

ඒ අනුව ජාතික රක්ෂණ සත්‍යාපන පද්ධතිය හඳුන්වා දී ඇති අතර, එයට පහත සඳහන් ක්‍රම මඟින් ප්‍රවේශ විය හැකියි.

මෙමඟින් මෝටර් රථ රක්ෂණයේ වලංගුභාවය පරීක්ෂා කිරීමේ හැකියාව ඇති බව ද දන්වා තිබෙනවා.

Related Articles

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Stay Connected

0FansLike
0FollowersFollow
22,800SubscribersSubscribe
- Advertisement -spot_img

Latest Articles